කාන්තාවකට දිවි අහිමි කළ ඇඟ හිරිවැටෙන අනතුර - මාස එකොළහේ බිළිඳාත් රෝහලේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Latest Headlines
By Sewvandhi Feb 25, 2024 12:05 PM GMT
Report

ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.  

කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පුද්ගලයින් පස්දෙනෙකු ගමන්කර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ 33 හැවිරිදි වියේ පසුවන ත්‍රිරෝද රථයේ රියදුරු, 15 හැවිරිදි වියේ පසුවන පිරිමි ළමයෙකු, 14 හැවිරිදි වියේ පසුවන ගැහැණු ළමයෙකු සහ මාස 11ක කුඩා බිළිඳෙකු ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ බිළිඳාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුර සමබන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.