කළුතර වෙරළ තීරයට තවත් මළ සිරුරක් ගොඩ ගසයි

Kalutara Sri Lanka Police Investigation
By Sewvandhi Jul 28, 2023 10:26 AM GMT
Report

අද (28) පෙරවරුවේ කාන්තාවකගේ මළසිරුරක් කළුතර උතුර වෙරළ තීරයේ තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ.

ඇය, ඊයේ (27) වෙරළට ගොඩගසා තිබූ දැරියගේ මව ද යන්න සොයා විමර්ශන ක්‍රියාත්මකය.

කළුතර උතුර වෙරළ තීරයේ තිබී ඊයේ පස්වරුවේ කුඩා දැරියකගේ මළසිරුරක් සොයාගැනුණි.

මේ අතර හල්කඳවිල ප්‍රදේශයේ මවක් සහ දියණියක් අතුරුදන්වී ඇති බවට මීට දින කිහිපයකට පෙර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව අදාළ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය විමර්ෂණ සිදුකරයි.