උසස් පෙළ ප්‍රතිඵල ලඟ ලඟම නිකුත් වෙයි.. ඒ ගැන අලුත්ම ආරංචියක්.!!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, ජනාධිපති කාර්යාලයේදී අද පස්වරු 03.00 ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
එහිදී ඔහු කියා සිටියේ, විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටළු සහ බදු ප්රතිපත්තියත් සමඟ ඉදිරියේදී වෘත්තිකයින්ට ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ, එම සාකච්ඡාවේදී එළඹෙන තීරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
මේ අතර උසස් පෙළ පිළිතුරුපත් පරීක්ෂා කිරීමේ රාජකාරි සඳහා මේ වන විටත් විශ්වවිද්‍යාල අචාර්යවරුන් එක්ව සිටිනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එවන් පසුබිමක සති කිහිපයක් ඇතුලත ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි සිය සංගමය ද අපේක්ෂා කරන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |