A/L සිසුන් 360000 කගේ ප්‍රතිඵල වලට ප්‍රධාන පාසලක සිසුවෙක් කරපු වැඩක් මාට්ටු වෙයි..
Sri Lanka Police
Ministry of Education
Galle
G.C.E.(A/L) Examination
By Aruna
2021 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය තුළට අනවසරයෙන් ඇතුළු වී සිසුන් 360000 කට අයත් දත්ත ලබාගෙන, එම දත්ත වෙනත් වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයට ප්‍රවිෂ්ට කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෙම පුද්ගලයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයෙ, සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම සැකකරු අවුරුදු 20 ක් වයසැති රටේ නම ගිය ප්‍රසිද්ධ පාසලක 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු වන බවයි පැවසෙන්නේ.
අදාල සැකකරු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |