උසස්පෙළ ප්‍රතිඵල ලැබෙන දින ගැන දැනුම් දීමක්...

Ministry of Education G.C.E.(A/L) Examination Education
By Gagana Apr 12, 2024 03:24 AM GMT
Report

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කිරීමට උත්සාහ කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා.

මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්ෂකයින්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් තවදුරටත් සිදු කෙරෙනවා.

පසුගිය ජනවාරි මස 4 වන දා සිට 30 වන දා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර  විභාගය සඳහා පෙනි සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව  තුන් ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූතුනක් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.