උසස් පෙළ විෂයන් 03 ටම A සාමාර්ථ ගත් සිසුන් මෙන්න..වැඩි පුරම වාණිජ විෂය ධාරාවෙන්..
2022 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති මුළු සංඛ්‍යාව 9,904කි. 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදෙරර නිකුත් විය.
විභාග දෙපාර්තමේන්තුවට අනුව 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 166,938 දෙනෙකු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවශ්‍යතාවය සපුරා ඇත.
මේ අතර, ජීව විද්‍යා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුන් 817 දෙනෙකු ද, භෞතික විද්‍යා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුන් 1,088 දෙනෙකු ද, වාණිජ විෂය ධාරාවෙන් 4,198 දෙනෙකු ද, කලා විෂය ධාරාවෙන් 3,622 දෙනෙකු ද, ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් සිසුන් 90 දෙනෙකු ද, ජීව පද්ධති තාක්ෂණ විෂය ධාරාවේ සිසුන් 73 දෙනෙකු ද විෂයන් තුනටම A සාමාර්ථ ලබාගෙන ඇත.
උසස් පෙළ විභාගය. තවද විවිධ විෂයයන් හැදෑරූ සිසුන් 36 දෙනෙකු ද විභාගයෙන් A සාමාර්ථ තුන බැගින් ලබා ගත්හ.
2022 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව 331,709 කි.
විවිධ කල්දැමීම්වලින් පසුව විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්විණි.
මේ අතර, පිළිතුරු පත්‍ර නැවත ඇගයීම සඳහා අයදුම්පත් සැප්තැම්බර් 7 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
https://onlineexams.gov.lk/eic හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැක.