උසස් පෙළ සමත් සහ අසමත් සියලු සිසුන්ට විශේෂ පණිවුඩයක්..
උසස් පෙළ විභාගයේ, කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සචිනි සත්සරණිට හැකියාව ලැබී තිබේ.
ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමස්ථානය හිමි කර ගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂානි මුණසිංහ ශිෂ්‍යාවට හැකියාව ලැබී තිබෙනවා.
වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කවිදිනී දිල්සරණි තරුෂිකා ලබා ගෙන ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බානුල පෙරේරා භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වී තිබෙනවා.
එමෙන්ම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ රුචිනි අහිංසා වික්‍රමරත්න තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙවර 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 166,938 දෙනකු සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
මේ අනුව, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කළ අතර www.doenets.lk හෝ www.results.exams.gov.lk නිල වෙබ් අඩවි මඟින් ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකියි.
මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 263,933ක් පෙනී සිටි අතර සිසුන් 84 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙන බවයි පැවසෙන්නේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 166,938න් 149,487ක් පාසල් අයදුම්කරුවන් වන අතර 17,451ක් පෞද්ගලික අයදුම්කරුවන්.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 96,995ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා නොමැති බවයි.
ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ සිට පැය විසි හතරක් තුළ සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ට http://onlineexams.gov.lk/eic ඔස්සේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහනක් ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට හැකියාව ලබාදී තිබේ.
උසස් පෙළ විභාගය 2022 (2023) සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ට පමණක් නැවත 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා මේ මස 11 වන දා සිට 16 වන දා දක්වා https://onlineexams.gov.lk/eic ඔස්සේ අයදුම් කළ හැකියි.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic ඔස්සේ ලබන 07 වන දා සිට 16 වන දා දක්වා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.