උසස් පෙළ ප්රතිඵල නිකුත් කර මාසය ගැන දැනුම්දීමක්..
Ministry of Education
Sri Lanka
G.C.E.(A/L) Examination
By Aruna
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්ර ඇගයීම් කටයුතු අද (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, එය දිින කිහිපයකට කල් යනු ඇති බව වාර්තාවනවා.
මේ සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ, පිළිතුරු පත්ර ඇගයීම් ක්රියාවලිය සඳහා ගුරුවරුන් අයදුම්පත් යොමු කිරීමේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙලෙස පිළිතුරු පත්ර ඇගයීම දින කිහිපයක් කල් යනු ඇති බවයි.
ඒ අනුව පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්රතිඵල ලබාදීම ජුනි මස අවසානය වනවිට සිදු කිරීමට අපේක්ෂා කරන බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.
මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පිළිතුරු ඇඟයීම් ක්රියාවලිය සඳහා ගුරුවරුන්ට ගෙවන දීමනාව ප්රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් ගුරුවරුන් පිළිතුරු පත්ර ඇගයීමේ ක්රියාවලිය සඳහා අයදුම්පත් කර නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |