උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන පණිවුඩයක්...

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination
By Aruna Aug 17, 2022 02:24 AM GMT
Report

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතුව ප්‍රායෝගික පරීක්ෂණ මගහැරුණු සිසුන්ගේ ගැටලුව නොව විභාග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ප්‍රමාදයන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරනවා.

උසස් පෙළ ප්‍රතිඵල මෙම මස 15 වැනිදා වන විට නිකුත් කරන බව පසුගිය මාසයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යළි පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ප්‍රායෝගික පරීක්ෂණ මගහැරුණු සිසුන් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැකි වන්නේ සැප්තැම්බර් මුල බවයි.

ප්‍රායෝගික පරීක්ෂණ මගහැරුණු සිසුහු හාරසිය දෙනෙක් පමණ සිටින අතර මෙම සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් කරන තෙක් සෙසු ප්‍රතිඵල නිකුත් කිරීමෙන් ගැටලුවක් ඇති නොවන බවට වන විකල්පයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ, සියලු ප්‍රතිඵල නිකුත් කර මාසයක පමණ කාලයකින් පසුව වුව මෙම සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් කළත් ඉසඩ් ලකුණු සකස් කිරීමේ දී ගැටලුවක් නොවන බවයි.

ප්‍රායෝගික පරීක්ෂණ මගහැරුණු සිසුන් පිරිසක් නිසා සමස්ත සිසුන්ගේ ප්‍රතිඵල ප්‍රමාද කිරීම අනුමත කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ම නිලධාරීහු පවසති.

මෙම මස අවසානයේදී ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා කටයුතු කරමින් පවතින බව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now