අද රට පුරා උසස් පෙළ ලියන සියලු සිසුන්ට විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Jan 04, 2024 01:46 AM GMT
Report

අ.පො.ස උසස් පෙළ විභාගය අද(04) දිනයේ ආරම්භ වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

අද අ.පො.ස උසස් පෙළ විභාගය ට මුහුණ දෙන සිසුන් මිනිත්තු 30කට හෝ පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමි⁣ණෙන ලෙස, විභාග කොමසාරිස් ජනරාල්වරයා උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට දන්වා ඇත.

ඒ අනුව, ලබන 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම විභාගය මධ්‍යස්ථාන 2,300ක දී පැවැත්වන බවයි වාර්තා වන්නේ.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කර තිීමද විශේෂත්වයක්.

ඊට අදාළ සාකච්ඡාවක් පසුගිය (02) ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

ඒ අනුව විශේෂ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ඒ වෙනුවෙන් සකස් කර ඇති අතර අදාළ මාර්ගෝපදේශය නියමිත අංශ වෙත යොමුකර තිබෙන බවයි පැවසෙන්නේ.

සිසුන්ට අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණපෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකය ඇමතිය හැකි බවයි සඳහන් වන්නේ.

                                                                        Sponsored By Sarrita Jewellery