මෙවර උසස් පෙළ ලියන සිසුන්ට විශේෂ පණිවුඩයක්..දින 02කින් කාලය දීර්ඝ කරයි..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Dec 20, 2023 02:50 AM GMT
Report

උසස් පෙළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධන කාලය දීර්ඝ කෙරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙනවා. අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ (19) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවයි, විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ .

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ අමිත් ජයසුන්දර මහතා, "ඔබ ඉල්ලුම් කළ විදියට නම තියෙනවා ද? විෂයන් නිවැරදිද? මාධ්‍ය නිවැරදිද?

උපන්දිනය සියලු තොරතුරු නිවැරදිද කියන එක පරීක්ෂා කරන්න.

අපි අවස්ථාව දුන්නා මෙහි දෝෂයක් තියෙනවා නම් එය දෙසැම්බර් 22 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අපි දීර්ඝ කළා.

 https://onlineexams.gov.lk/onlineapps/ වෙබ් අවඩියට පිවිස සියලු සංශෝධන සිදුකළ හැකිය.

අපි අවස්ථාව දෙනවා එහි මුද්‍රිත පිටපතක් ලබාගන්න. එය රැගෙන ඔබ විභාග ශාලාවට යන්නේ.

" මේ අනුව, සියලු අයදුම්කරුවන් සඳහා මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර ඇති බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.

උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වන දින සිට ජනවාරි මස 31 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2298ක දී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා.

මේ අතර විශ්වවිද්‍යාල කලා උපාධි ධාරාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට තීරණය කර ඇති බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා පවසනවා.

ප්‍රේමකුමාර ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙරට සියලුම විශ්වවිද්‍යාලවල ශාස්‍ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී මෙම තීරණයට එළඹි බවයි.