A/L ප්‍රතිඵල නිකුත්වූ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.!!!

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination
By Aruna Sep 22, 2022 06:54 AM GMT
Report

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අත්‍යවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පැවසුවේ පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වන බවයි.

භාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now