උසස් පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත් සිසුන් මෙන්න..
ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය මඩකලපුව - ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාකේෂ් සිසුවා විසින් හිමිකරගෙන තිබෙනවා.
ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් සිසුවා විසින් හිමිකර ගත්තා.
කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ බදුල්ල -කැන්දගොල්ල මහ විද්‍යාලයේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවායි.
වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ඉෂිණි නේහා අමරරත්න සිසුවියයි. ජෛව තාක්ෂණවේදය අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ඉසුරි පබසරා ලොකුපතිරගේ සිසුවිය විසින් හිමිගෙන තිබෙනවා.
නාරම්මල මයුරපාද විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ ඉංජිනේරු තාක්ෂණ අංශයේ දිවයිනේ ප්‍රථමස්ථානය හිමිකර ගත්තා.
ගණිත විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ - 7 රාජකීය විද්‍යාලයේ අහන් සමරකෝන් සිසුවායි.
ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන් ට ප්‍රතිඵල ලබාගත හැකිය.
විභාගය සඳහා මෙවර පාසල් අයදුම්කරුවන් 236,035ක් පෙනී සිටි අතර පෞද්ගලික අයදුම්කරුවන් 36,647ක් පෙනි සිටියේය.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පාසල් අයදුම්කරුවන් 149,946ක් සුදුසුකම් ලබා තිබේ.
පෞද්ගලික අයදුම්කරුවන් 21,551ක් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.
මේ අතර විභාගයට පෙනී සිටි 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව ද විභාග කොමසාරිස්වරයා නිවේදනය කළේය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු දිනය පසුව දැනුම් දීමට නියමිත බව ද විභාග කොමසාරිස්වරයා දැනුම් දුන්නේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |