උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය 23දා
G.C.E.(A/L) Examination
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද යන්න පිළිබඳ තීරණය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) නියෝග කළේය.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් පිරිසක් විසිනි.
පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කරන ලදී.