උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන හදිසියේ තීරණයක් ගනී..පාසල් නිවාඩුව ගැනත් කියයි.
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග පවත්වන දිනවල කිසිදු වෙනසක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 4 වැනිදා ද උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වැනිදා සිට ජනවාරි මස 2 වැනිදා දක්වා ද පැවැත්වීමට දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන අතර මෙම විභාග දෙක කල් දැමීමට සිදු වුවහොත් පාසල් වාර සටහනට අදාළව පාසල් පවත්වන දිනයන් වෙනස් කිරීමට සිදු වන බවත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ ඇතුළු විභාග කල් දැමීමට සිදු වන බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.
එසේ වුවහොත් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන්ගේ පමණක් නොව සමස්ත දරු පරපුරේම ඉදිරි උසස් අධ්‍යාපන අවස්ථාවලට අහිතකර ලෙස බලපෑම් එල්ලවනු ඇතැයි ද එහෙයින් දැනට නියමිත පරිදි මෙම විභාග සඳහා පෙනී සිටීමට සූදානම් වන ලෙස දන්වා සිටින බවත් එහි සඳහන්ව ඇත.
උසස් පෙළ විභාගය කල් දමන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සභාපතිත්වයෙන් යුත් උත්තර සභාගය ඉල්ලීමක් කර තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |