උසස් පෙළ විභාගය ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්..ප්‍රතිඵල නිකුත් කරන දිනය කවද්ද?
Ministry of Education
A D Susil Premajayantha
Department of Examinations Sri Lanka
G.C.E.(A/L) Examination
G.C.E. (O/L) Examination
By Aruna
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන මාසයේදී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.
විෂයන් 63 සඳහාම ලකුණු කිරීමේ ක්‍රමය සකස් කර ඇති බව අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අමාත්‍යවරයා අවධාරණය කළේ, විෂයයන් 12 ක ඇගයීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා ඉදිරි පාසල් නිවාඩු කාලය ද යොදා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා කියා සිටියා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා සිට ජුනි 8 වැනිදා දක්වා පැවැත්වේ.
මේ අතර සිකුරාදා සිට ජුනි 12 දක්වා පාසල් වසා තැබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |