සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්..
කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය (2021) ලබන මැයි මස 23 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළා.
ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා පැවැත්වෙන බවත් අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් කියා සිටියා.
මේ අතර, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව කඩඉම් ලකුණු මැයි මස මුල් සතිය තුළ ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පාසල් කටයුතු අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළා.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ජනවාරි මස 22 වන දින පැවැත්වුණු අතර ප්‍රතිඵල මාර්තු මස 13 වන දින නිකුත් කෙරුණා.
ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී මෙවර විභාගය පැවත්වුණි.
විභාග ප්‍රතිඵලවලට අනුව ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩයිම් ලකුණු නිකුත් කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |