උසස් පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක්..අද සිට ජූලි 31 දක්වා කළ යුතු දේ මෙන්න..

Ministry of Education National Institute of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Jun 26, 2023 12:38 AM GMT
Report

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට යළි ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සෞන්දර්යය, තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද(26) සිට ජූලි 31 වැනිදා දක්වා පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාසල් අයදුම්කරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් මාර්ගයෙන් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ඒවා ලැබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

https://onlineexams.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් සිසුන්ට ප්‍රවේශ පත්‍ර බාගත කර ගත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර, මීට පෙර නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර තවදුරටත් වලංගු නොවේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ 0112 784 208, 0112 784 537, 0112 786 616 හෝ 0112 785 922 යන දුරකථන අංක ඔස්සේ විභාගය සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් හෝ තොරතුරක් ලබා ගැනීමට බලධාරීන් සම්බන්ධ කර ගත හැකි බවයි.