උසස් පෙළ සිසුන්ට ලඟදීම සුබ ආරංචියක්.. අද සිට ඇරඹෙන දේ මෙන්න..
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට බටහිර සංගීතය සහ හින්දි විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බවයි.
තවත් විෂයන් 08ක පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළා.
අදාළ පිළිතුරු පත්‍ර පිට පළාත්වල මධ්‍යස්ථාන 10කට මේ වනවිටත් යොමු කර ඇතැයි පැවසේ.
කඩිනමින් පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.
පසුගිය බ්‍රහස්පතින්දා සිට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර අධීක්ෂණය සඳහා සහභාගී වීමට තීරණය කළ බව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මාස 2කට අධික කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |