උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම ගැන සුබ ආරංචියක්..6,7,8 ශ්‍රේණි වලටත් විශේෂ වෙයි..

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna May 07, 2023 03:56 AM GMT
Report

2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

ලබන සදුදා උත්තර පත්‍ර පරික්ෂා කිරීම සදහා වන උපදෙස් ලබාදීමේ සැසි ආරම්භ කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ, එම කටයුතු සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පිළිතුරු පත්‍ර ප්‍රධාන පරීක්ෂකවරුන් ද සහභාගී වනවා.

එහිදී එක් එක් විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර සදහා ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිළිබද සාකච්ඡා කරන බවයි.

ඉන් අනතුරුව ලබන 15 වනදා සිට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

දින 15ක් තුල එම කටයුතු අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් සමාන්‍ය පෙල විභාගය මැයි මස 29 වනදා සිට ආරම්භ වනවා.

එම විභාගය සදහා අවශ්‍ය මූලික කටයුතු ලබන 26 වනදායින් ආරම්භ වීමට නියමිත බැවින් එදින සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු නතර කිරීමට සිදුවනු ඇති.

මේ අතර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සිදු කිරීම සදහා දිවයිනේ තෝරා ගත් පාසල්වල 06, 07, සහ 08 ශ්‍රේණිවලට අදාල පන්ති කාමර යොදා ගැනීමටයි විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇත්තේ.

ඒ අනුව උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු අවසන් වන තුරු එම ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට නිවාඩු ලබා දෙනු ඇත‘‘.

එම කටයුතු සදහා අදාළ පාසල් ලබා දෙන ලෙසට විභාග දෙපාර්තමෙන්තුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

2022 වසරට අදාල උසස් පෙළ විභාගයේ විෂයන් 08 කට අදාල ඇගයීම් කටයුතු මීට පෙර ආරම්භ වුණා.

ඒ අනුව තවත් විෂයන් 55 කට අදාළ ඇගයීම් කටයුතු මැයි 15 වනදා සිට ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සදහා ගුරුවරුන් 19,000 ක් පමණ අවශ්‍ය වනවා.

මේ වන විට ගුරුවරු 16,000කට ආසන්න පිරිසක් ඒ සදහා ඉදිරිපත්ව සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එම පිරිස යොදා ගනිමින් විවිධ ක්‍රමවේද ඔස්සේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සිදුකළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now