උසස් පෙළ සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..!

Ministry of Education Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Apr 28, 2023 02:37 AM GMT
Report

උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද මැයි මස 02 වැනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම අයදුම්පත් කැඳවීම සිදුකර තිබෙනවා.

මේ අතර දිගින් දිගටම ප්‍රමාද වෙමින් ඇති උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත‍්‍ර ඇගයීමට වෛද්‍යවරුන්ට හැකියාව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සඳහන් කරනවා.

රජය ඉල්ලීමක් කළහොත් ඒ සඳහා කටයුතු කිරීමට හැකි බවයි සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

වර්ජනයේ නිරත වන සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රැකියාවලින් ඉවත් කළ යුතු බවත් ඒ ඒ වෙනුවට එම සුදුසුකම් ඇති වෙනත් අය බඳවා ගැනීමට රජයට හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල ආචාරයවරුන් යනු ආණ්ඩු පෙරලීමට කොන්ත‍්‍රාත් ගන්නා කණ්ඩායමක් මිස රට ගැන කිසිම හැගීමක් ඇති පිරිසක් නොවන බවත් ඔහු තව දුරටත් සදහන් කලා.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now