උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක්..
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වෙනුවෙන් අද (24) සිට ගුරුවරුන් සහභාගී වනු ඇති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පවසනවා.
ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ වන විටත් බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සියලුදෙනා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බවයි පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු ප්‍රමාදවීම නිසා ඉදිරියේදී පැවැත්වීමට තිබූ සියලු විභාගයන් කල් යෑමේ අවධානමක් මතු වුණා.
එය මෙරට දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.
ඒ අනුව අද දින සිටවත් දරුවන්ගේ ඇඟයීම් කටයුතු ආරම්භ කර මෙම ප්රශ්නය විසදීමට කටයුතු කිරීම මෙරට අනාගන දරුවන්ට සිදුවන දැවැන්ත අසාධාරණයක් මගහැර යනු ඇති.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |