උසස් පෙළ විභාගය කල් යන බවට ප්‍රධානියෙක් ගෙන් දැනුම්දීමක්..

Ministry of Education G.C.E.(A/L) Examination Education
By Aruna Mar 08, 2023 12:30 AM GMT
Report

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වීම නිසා මේ රටේ විභාග කාලසටහන් සැලසුම් තවත් කල්යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබේ.

දෛනික ගෙවීම රුපියල් දෙදහසකට සීමා කිරීම හේතුවෙන් ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් ඉල්ලුම් නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජෝෂප් ස්ටාලින් මහතා මෙසේද කීය.

ගුරුවරුන් අයදුම් නොකරන්න හේතුව උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවන දීමනාව අවම මට්ටමක පැවතීමයි. 22 දා සිට ඇගයීම් කටයුතු ආරම්භවෙලා නැහැ.

මේ නිසා වෙන්නේ සම්පූර්ණයෙන් ඉදිරි විභාගත් කල් යෑමයි.

අධ්‍යාපන ඇමැතිවරයා, මේ දීමනා මදි නිසා රුපියල් 3000කින් දීමනාව වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා.

මේ කැබිනට් පත්‍රිකාවෙනුත් දෛනික දීමනාව රුපියල් 2000යි දීලා තියෙන්නේ. මේක ප්‍රමාණවත් නැහැ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now