උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න යයි..
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන්ට දෛනිකව රුපියල් තුන්දහසක දීමනාවක් ලබා දීමට අනුමැතිය ඉල්ලා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට අද ( 06 වැනිදා) පත්‍රිකාවක් ඉදිරිපත් කරයි.
මේ සඳහා ඇස්තමේන්තු කර තිබෙන මුදල රුපියල් කෝටි අටසියයක් පමණ වෙයි.
ගමන් ගාස්තු ඇතුළු වියදම් වැඩි වීම හේතුවෙන් මෙවර ඇගයීම් කටයුතුවලට ගුරුවරුන්ගේ යොමු වීම අඩු මට්ටමක පවතින අතර ඔවුන්ට දෛනික දීමනාවක් ලබා දීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින්නේ ඒ අනුව ය.
ඇගයීම් කටයුතුවලට මේ දක්වා අයැදුම් කර ඇත්තේ අවශ්‍යතාවෙන් තුනෙන් දෙකොටසක් පමණකි.
ඇගයීම් කටයුතු මෙම මස 22 වැනිදා සිට ආරම්භ කෙරේ.
මේ අතර බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් මෙවර ඇගයීම් කටයුතු සඳහා සහභාගි නොවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙන අතර එසේ වුවහොත් ඇගයීම් කටයුතු කළ නොහැකි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ආචාර්යවරුන්ගේ එම තීරණයට සහය පළ කිරීමට සූදානම් බව ගුරු වෘත්තීය සංගම් දැනටම ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා විසින් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හෙට ( 07 වැනිදා) සාකච්ඡාවකට කැඳවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |