උසස් පෙළ,සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක් - පාසල් ළමුන්ටත් සුබ ආරංචියක්..!
පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ සදහා පනවා ඇති සෙස් බද්ද ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි අමාත්‍ය මණ්ඩල හමුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත ප්‍රකාශ කළා.
ඒ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. ඔහු කියා සිටියේ ලබන වසරේ මුල් කාර්තුවේදී පාසල් නිල ඇඳුම් රෙදි ලබාදී අවසන් කරන බවයි.
නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් චීනයෙන් ආනයනය කරන අතර, ඉතිරි සියයට 30 දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බව ද ඔහු එහිදි සදහන් කළා.
විභාග දෙපාර්තමේන්තුව දින නියමකර ඇති පරිදි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවත්වෙන බවත් අප්‍රේල් මාසයේ පැවත්වීමට නියමිත සාමාන්‍ය පෙල විභාගය තවදුරටත් කල් යනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් එහිදි වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ලංකා ගුරු සංගමය කොළඹ දි අද මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ සෙස් බද්ද මගින් පාසල් අභ්‍යාස පොත්වල සහ උපකරණ වල මිල ඉහලයාම හමුවේ දෙමාපියන් මුහුණ දි ඇති ගැටලුවට කඩිනම් විසදුක් ලබාදිය යුතු බවයි. එම මාධ්‍ය හමුවට දෙමාපියන්ද එක්ව සිටීම විශේෂත්වයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |