චීවරධාරියෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට පිහි පහරක්. - හේතුව මෙන්න.
චීවරධාරියෙකු විසින් එල්ලකළ පිහි ප්රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
එහිදී ඔහුව දෙනියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස පිහි ඇනුමට ලක්ව ඇත්තේ,දෙනියාය පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි වියේ පසුවූ විවාහක පොලිස් කොස්තාපල්වරයෙකි.
විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ,සැකකාර චීවරධාරියාගේ සොහොයුරිය සමඟ තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
අද දිනයේ එම නිලධාරියා අදාළ තරුණිය හමුවීමට ඇයගේ නිවසට ගොස් ඇති අවස්ථාවේ චීවරධාරියා ලබාදුන් ඇමතුමකට අනුව පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව චීවරධාරියා සිය ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි පිහියකින් පොලිස් නිලධාරියාගේ ගෙළ ප්රදේශයට පහරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන සැකකාර චීවරධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.