කේක් කිලෝවක් රු. 400කට? - ඇත්තටම කොහොමද ඒ ගානට ගන්නේ?
Sri lanka Food Recipes
By Wayomi
කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට ලබාදිය හැකි බවයි.
දැනට හොඳ තත්ත්වයේ කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වන බවත් බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දමන බවත්, මාජරින් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 900ක බද්ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400කට ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.