ඌරෙකුගේ සිරුරේ මිනිස් වකුගඩුවක් වර්ධනය කරලා - විද්‍යාඥයින් පිරිසක් විසින් විස්මිත වැඩක්.

China
By krishani Sep 11, 2023 04:14 PM GMT
Report

චීන විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසින් මිනිසුන්ට බද්ධ කිරීමේ අරමුණෙන් ඌරෙකුගේ සිරුර තුළ මිනිස් වකුගඩුවක් වර්ධනය කර තිබෙනවා.

ඒ ගර්භනී ඌරෙකුගේ කළලය තුළයි.

මින් පෙර පරික්ෂා කර ඇති පරිදි වැඩුණු ඌරෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අවයවය ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙලෙස ගර්භනී ඌරෙකුගේ කළලය තුළ වර්ධනය කර ඇත.

මිනිස් අවයව පරිත්‍යාගශිලින් වෙනුවෙන් බලා නොසිට රෝගීන් සුවපත් කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

එමෙන්ම දහස් ගණනක් මිනිසුන් මියයාම වැළක්වීම සඳහා මෙය යොදා ගත හැකිය.

මෙම අධ්‍යනය 07 වන දා Cell Stem Cell නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් චීන විද්‍යා ඇකඩමියේ Guangzhou ජෛව වෛද්‍ය හා සෞඛ්‍ය ආයතනයේ ප්‍රධාන විමර්ශක Miguel Esteban පැවසුවේ මෙවැන්නකී,

“එය අපට වසර පහක් ගත විය.අපි ඌරන්ගේ සෛල වලින් අඩු තරඟකාරිත්වයක් ඇතිව මිනිස් සෛල වර්ධනය වීමට අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ඌරා ජානමය වශයෙන් වෙනස් කළෙමු.තවද අපි ඔවුන්ගේ ස්වභාවික පරිසරයක් නොවන පරිසරයක ජීවත් වීමට මිනිස් සෛල වෙනස් කළෙමු."යනුවෙන් ය.


සියල්ලන් මවිතයට පත් කරමින්, සාගර පත්ලෙන් හමු වූ අදහාගත නොහැකි රන් බිත්තරය.. (VIDEO)

සියල්ලන් මවිතයට පත් කරමින්, සාගර පත්ලෙන් හමු වූ අදහාගත නොහැකි රන් බිත්තරය.. (VIDEO)