හෙට පෘථිවිය දෙසට විශාල ග්‍රාහකයක් එයි..ලෝකයම දැඩි අවධානයෙන්..

United States of America NASA Weather World
By Aruna Jun 27, 2023 06:59 AM GMT
Report

‘ලන්ඩන් ඇස’ ලෙස සැලකෙන ලන්ඩන් නගරයේ පිහිටි දැවැන්ත කතුරු ඔන්චිල්ලාව වඩා විශාල ග්‍රාරහකයක් පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් පවතින බව නාසා ආයතනය සඳහන් කර සිටිනවා.

මෙම ග්‍රාරහකය පැයට සැතපුම් 26,000ක පමණ වේගයකින් ගමන් කරන බවයි නසා ආයතනය පවසන්නේ.

එම වේගය ශබ්දයේ වේගය මෙන් 9 ගුණයක් පමණ වනවා.

2013 WV44 නම් මෙම ග්‍රාරහකය බදාදා දිනය වන විට එනම් හෙට දිනයේ, පෘථිවි කක්ෂය ඇතුළතට පැමිණිය හැකි බවයි අභ්‍යවකාශ විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මේ වනවිට එම ග්‍රාහකය නාසා හි විශේෂඥයින් විසින් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.