රෝහලක් සහ සුසාන භූමියක් මුහුදු පතුලෙන් මතුවෙයි..(PHOTO)

United States of America Florida
By Sewvandhi May 04, 2023 04:29 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

අමෙරිකාවේ Florida Keys හි Dry Tortugas ජාතික වනෝද්‍යානයට ඔබ්බෙන් වූ මුහුදු පතුලෙන්, 19 වන සියවසට අයත් යැයි සැලකෙන රෝහලක සහ සුසාන භූමියක නටඹුන් කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

පුරාවිද්‍යාඥයන් විශ්වාසය පළ කරන්නේ, 1890 සිට 1900 දක්වා කාලය තුළ කහ උණ වැළසුණු රෝගීන් නිරෝධායනය සඳහා අදාළ ස්ථානය භාවිතා කරන්නට ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම සොහොන ජෝන් ග්‍රීර් නම් සිවිල් වැසියෙකුට අයත් එකක් වන අතර ඔහු වෙරළබඩ හමුදා කඳවුරක කිමිදුම්කරුවෙකු ලෙස සේවය කර 1861 නොවැම්බර් 5 වන දින මිය ගිය බවට එම ස්ථානයේ තිබී හමු වූ ගල් කුළුණේ සඳහන්ව ඇති බවයි.

එම ජාතික වනෝද්‍යානය කිලෝමීටර් 160 ක් පුරා පැතිර ඇති අතර ෆ්ලොරිඩා කීස් හි දූපත් කිහිපයකින් සමන්විත වනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


Gallery