අක්කර 5ක අශ්වයන් බෝ කිරීමේ සැලසුමක්.

Sri Lanka Police
By Wayomi Nov 26, 2022 08:32 AM GMT
Report

අඹේවෙල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය විසින් අශ්වයන් බෝ කරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, සඳහා අඹේවෙල ප්‍රදේශයේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමටයි සැලසුම් කර ඇති බව සඳහන්.

නෙදර්ලන්තයෙන් එක් අශ්වයෙකු මෙරටට ගෙන්වාගැනීම සඳහා රුපියල් ලක්ෂ 70 ක් පමණ මුදලක් වැය වන අතර අශ්වයින් 12 දෙනෙකු සහ වෙළඹුන් දෙදෙනෙකු මෙම මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමට සැලසුම් කර ඇති බව පොලිස් අශ්වාරෝහක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න මහතා සඳහන් කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW