ශිෂ්‍යත්ව ප්‍රතිඵල මාසයක් ඇතුළත - විභාග කොමසාරිස්ගෙන් ඉඟියක්
Department of Examinations Sri Lanka
Grade 05 Scholarship examination
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.
අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන අගෝස්තු 20 වැනිදා සිට 25 වැනිදා දක්වා සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.
ඒ සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට සහභාගී වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.