සාම සාධක රාජකාරි සඳහා යොදවා තිබූ හෙලිකොප්ටරයක් කඩාවැටේ..!

Sri Lanka Army Plane Crash Accident South Africa
By Sewvandhi Jan 12, 2024 11:28 AM GMT
Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරි සඳහා යොදවා තිබූ හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇති බවයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එරට වේලාවෙන් අද (12) උදෑසන 9.30ට පමණ ගුවන් යානය ගොඩබෑමට යෑමේ දී ඇති වූ අයහපත් දුවිලි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් වන මෙහි ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායමක් යොදවා ඇති අතර, ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  

Sponsored By Sarrita Jewellery

සාම සාධක රාජකාරි සඳහා යොදවා තිබූ හෙලිකොප්ටරයක් කඩාවැටේ..! | A Helicopter On A Peacekeeping Mission Crashes