ප්‍රසිද්ධ ජාතික රෝහලක, තරුණ වෛද්‍යවරියන්ගේ නිරුවත වීඩියෝ කළ සෞඛ්‍ය සහායක

Sexual harassment Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Crime
By Sewvandhi Jan 15, 2024 04:09 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තරුණ වෛද්‍යවරියන්ගේ අඩ නිරුවත රූගත කළේ යැයි චෝදනා ලත් සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.මෙම සිදුවීම වාර්තා වන්නේ, මහනුවර ජාතික රෝහල තුළයි.

මහනුවර මූලස්ථාන පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය සිදුකළ විමර්ශනයෙන් පසු හෙළිව ඇත්තේ, මහනුවර ජාතික රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කුඩා කුටියක ඉතා සූක්ෂම ආකාරයෙන් නවීන ජංගම දුරකථනයක් සඟවා මෙම වීඩියෝ රූගත කිරීම සිදුකොට ඇති බවයි.

මෙම සෞඛ්‍ය කාර්ය සහායකවරයාද උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ සේවය කරන්නෙක් බව වාර්තාවනවා.

ඉකුත් 12 දා මෙම ස්ථානයේ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියක ඉතාමත් සූක්ෂම ලෙස රඳවා තබා ඇති මෙම ජංගම දුරකථනය දැක ඒ පිළිබඳව අනෙකුත් වෛද්‍යවරුන් දැනුවත් කොට මහනුවර මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කොට දුරකථනය භාරදීමට පියවර ගෙන තිබේ.

මෙම දුරකථනය භාවිත කොට කලක සිට වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන ආකාරය රහසිගතව රූගත කොට ඇති බවයි, මෙම දුරකථනයේ වීඩියෝ පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට දැක ගැනීමට හැකිවී ඇත්තේ.

මූලස්ථාන පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය විමර්ශනයකින් අනතුරුව දුරකථනය හිමිකරු වූ සෞඛ්‍ය කාර්ය සහයකවරයා අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසියේ මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ උපදෙස් මත කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවින්දි වික්‍රමසිංහ විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sponsored By Sarrita Jewellery