පාසල් සිසුන් පිරිසකගේ කොණ්ඩම් භාවිතය ගැන සතුටු විය හැකි බවට දැනුම්දීමක්..

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Nov 23, 2023 11:01 AM GMT
Report

ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි ලෙස දැනුවත්ව සිටින නිසා ජාත්‍යන්තර පාසලට දරු සිසුන් කොණ්ඩම් භාවිතයට පෙළඹී සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන අවධාරණය කරනවා.

මේ අනුව, වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, එය සතුටු විය හැකි කාරණයක් බවයි.

පාසල් සිසුන් පිරිසකගේ කොණ්ඩම් භාවිතය ගැන සතුටු විය හැකි බවට දැනුම්දීමක්.. | A Hairstyle Used By School Students

මෙරට පාසැල් දරුවන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් අනිසි ලිංගික සබඳතා පවත්වන බවත් ඒ හරහා ඒඩ්ස් ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් වෛද්‍ය ජානකී මහත්මිය ප්‍රකාශ කළා.

ඇය මේ බව පැවසුවේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර,අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දින ළමා අපයෝජන වැළැක්වීමේ දින සමරුව නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඉදිරි අධ්‍යාපන ක්‍රමයට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි.

තවද බොහෝ දියුණු රටවල අන්තර්ජාලය පරිහරණය නියාමනයක් ඇතිව ක්‍රියාත්මක වන බවත් ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටලු ඇති වන්නේ තාක්ෂණය අවභාවිතය හේතුවෙන් බවයි සදහන් කළේ.