ත්‍රස්ත ප්‍රහාරයකට කුරුමානම් ඇල්ලූ 5 දෙනෙක් අත්අඩංගුවට ගනී..

Shooting India
By Aruna Jul 20, 2023 02:56 AM GMT
Report

කර්නාටක අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකිරීමට සුදානමින් සිට බවට සැකකළ ත්‍රස්තවාදීන් පස් දෙනෙක් ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යංශය (CCB) බෙංගාලෝරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සපයමින් එම ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන සැකකරු විදෙස් රටක සැඟව සිටින බවට යි එම කාර්යංශය සැක කරන්නේ.

බෙංගාලෝරයේ පදිංචි අවුරුදු 25 ත් 35 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් මිනීමැරුම් චෝදනාවකට 2017 වසරේ දී අත්අඩංගුවට ගෙන 2019 වසරේ දී නිදහස් වී තිබෙන අය බවයි පැවසෙන්නේ.

ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යංශය පැවසුවේ, ප්‍රහාරයට යොදාගැනීමට බවට සැක කළ හැකි ඔවුන් සන්තකයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය ද සොයාගත් බවයි.

බෙංගාලෝර් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින බෝම්බ පිපිරීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියාවලට චෝදනා ලැබූ සැකකරුවෙක් වන ටී. නසීර් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව ද ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් ගෙන් අනාවරණය කර තිබේ.

ඔහු විසින් මෙම සැකකරුවන් ත්‍රස්තවාදය සඳහා පොළඹවා ඇති බවයි බැංගලෝර් පොලිස් කොමසාරිස්වරයා පැවසුවේ.