ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන ප්‍රබලයන් පිරිසක් සජිත්ට එක් වෙයි.(PHOTOS)
ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන නිදහස ජනතා සභාවේ ප්‍රබලයන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගිවිසුමකට එළඹ තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් අතර, සමගි ජන සන්ධානය ලෙසින් එළි දැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (05) පැවැති මෙම ගිවිසුම්ගත වීමේ උත්සවයට සමගි ජන බලවේගයේ ප්‍රබලයන් රැසක් මෙන්ම නිදහස ජනතා සභාවෙන් ඉවත් වී සමගි ජන සන්ධානය සමඟ අත්වැල් බැඳගන්නා මහාචාර්ය ජී.එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ. පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.
මේ අතර ඊයේ මාධ්‍ය හමුවක දී සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කියා සිටියේ, එළඹෙන මැතිවරණ ඉලක්ක කරගෙන ගොඩ නැගෙන මෙම සන්ධානය මැතිවරණ ජයග්‍රහණය කිරීම, ආණ්ඩු බලය ලබා ගැනීම සහ ඉදිරියේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු රජයක වැඩකටයුතු සිදුවන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම සන්ධානයට අදාළ ගිවිසුම අත්සන් කරන බවයි.





