වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට අද සුබ ආරංචියක්

Latest Headlines Sinhala news gagana news NPP Government
By Shehan Jul 30, 2025 04:42 PM GMT
Report

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩල‍යෙන් අද(30) දිනයේ දී වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ ජූලි මාසය වෙනුවෙන් වූ වැඩිහිටි දීමනාව බව සඳහන්. ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිත බව වාර්තා වේ.

එසේම අදාළ ප්‍රතිලාභීන්හට හෙට දිනයේ සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බවට දැනුම් දී තිබෙනවා.