පෙම් ඇරයුම ප්‍රතික්ෂේප කළ තරුණිය ඉන්දියාවේදී බිහිසුණු ලෙස ඝාතනය කරයි..අතිශය සංවේදී වීඩියෝ සහිතයි - (VIDEO)

India
By Sewvandhi May 29, 2023 02:42 PM GMT
Report

විදෙස් මාධ්‍යය, වයස අවුරුදු 16ක් පමණ වන තරුණියක් අමානුෂික ලෙස ඝාතනය කර ඇති පුවතක් වාර්තා කරනවා. අදාළ සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාවේ දිල්ලි නගරයෙන් බවයි පැවසෙන්නේ.

මෙලෙස ඝාතනය වූ තරුණියට තියුණු ආයුධයකින් පහර දෙන තරුණයා පසුව අසල ඇති ගලක් රැගෙන ඉන් අදාළ තරුණියගේ හිසට පහර දෙන අයුරු ද දක්නට ලැබෙනවා.

එම සිදුවීම අදාළ ස්ථානයේ පවතින CCTV පද්ධතියක ඒවා පටිගත වී තිබූ අතර එම ස්ථානයේ සිටින පිරිස එම තරුණිය බේරාගැනීමට උත්සාහ කරන අකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත් අදාළ ඝාතකයා ප්‍රදේශයෙන් පළා ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 20 හැවිරිදි වියේ පසුවන්නෙක්. ප්‍රේම සම්බන්ධයක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

https://twitter.com/erbmjha/status/1663085742707580929

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now