සීයයි,මාමයි,අයියයි තුන්දෙනාම මල් කැකුලකට කළ අහස පොළොව නුහුලන අපරාධය..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 08, 2022 06:26 AM GMT
Report
Courtesy: Divaina

අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක ඇයගේ සීයා, මාමා සහ සහෝදරයා විසින් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

යට බඩේ කැක්කුමක් වැළඳී ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී සිදුකළ පරීක්ෂණවල දී ඇය ගැබිනියක බව හඳුනාගෙන ඇති අතර ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී මීට වසර දෙකකට පමණ ඉහතදී ඇයගේ සීයා කෙනකු අතවර කර ඇති බව හෙළි කර තිබේ.

මෑතක දී ඇයගේ මවගේ වැඩිමහල් සහෝදරයකු සහ සිය සහෝදරයා වරින්වර ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර ඇත.

මේ වන විට දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සීයා සහ මාමා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අතවරයට පත් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සහෝදරයා සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join