සාපෙළ විභාගය නිමවා ගෙදර යමින් සිටි දැරියක් රිය අනතුරකින් දැඩි සත්කාරයේ...
බලංගොඩ වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය නිමවා නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවා ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ඉඔුලාමුර ප්‍රදේශයේ සිට බලංගොඩ නගරය දක්වා ධාවනය වෙමින් තිබු බස් රථය සහ බලංගොඩ සිට වැලිගෙපොළ දෙසට ධාවනය වෙමින් තිබු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ටිපර් රථයක තිබූ යකඩ බට අදාළ බස් රථය තුළට විසිවීමෙන් අනතුර සිදු ව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
එම සිද්ධියෙන් බස් රථයේ සිටි සිසුවියකගේ ගෙල සහ මුහුණ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇය බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ,ඇයගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර පළාත් රෝහල වෙත මාරු කර යවා ඇත.
පොලීසිය සඳහන් කර ඇත්තේ, ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අනතුරුදායක ලෙස භාණ්ඩ ප්‍රවාහනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව ය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනා බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.