ඩයනාට එරෙහිව නඩු දාන්න මුදල් හොයන්න අරමුදලක්.

Diana Gamage
By Wayomi Nov 30, 2022 10:25 AM GMT
Report

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා අභියාචනාධිකරණය නඩු පැවැරීමට මුදල් ලබාගැනීමේ මෙහෙයුමක් මේ වන ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල`හේරත් විසින් මුදල් ලබාගැනීමට අරමුදලක් පිහිටුවා තිබෙනවා.

මෙම නඩුව ගොනු කිරීම සඳහා රුපියල් ලක්ෂ 3 1/2ක මුදලක් වැය යන බවට ඔහු විසින් කීප අවස්ථාවකදිම සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබුණද ඒ සඳහා මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනතා අරගලයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ දමිතා, රැට්ටා ඇතුළු ක්‍රියාකාරීන් රැසකටම ඉදිරිපත් වන ලෙසට ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එබැවින් විදේශ ගත සහ ශ්‍රී ලාංකිකයින් ගේ සහයෝගය මත අරමුදලක් පිහිටුවා ඒ හරහා මුදල් රැස්කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියදා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, ඔෂල හේරත් නමැති තැනැත්තා වංචනිකව මුදල් එකතු කිරීමේ ප්‍රයත්නයක යෙදෙන බවයි.

ඒ අනුව නාගානන්ද මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ එම පුද්ගලයාගේ වංචනික උපක්‍රමට හසු වී මුදල් නොදෙන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW