ගිණිකෙළි කම්හලක් පිපිරෙයි. - පිය පුතු දෙදෙනා රෝහලට.

Sri Lanka Police Fire Accident
By Wayomi Dec 31, 2023 08:02 AM GMT
Report

පිළියන්දල මාවිත්තර කනත්ත පාරේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක අද (31) දා උදෑසන ගිනිගෙන තිබෙනවා.

එම ගින්නෙන් එහි හිමිකරු හා ඔහුගේ දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගිණිකෙළි කම්හලක් පිපිරෙයි. - පිය පුතු දෙදෙනා රෝහලට. | A Fireworks Factory Explodes

එමෙන්ම නිවසේ තිබූ ගෘහ භාණ්ඩ වලට යතුරුපැදියකට හා ගිණිකෙළි නිෂ්පාදන අමුද්‍රව්‍ය සියල්ලටම හානි සිදුව ඇති බව ද පොලිසිය පවසනවා.

මෙම වසර අවසාන දිනය වන 31 දා අදාල ගිනිකලි වෙළඳපොළට රැගෙන යාම සඳහා උදෑසන 07 පමණ ලහි ලහියේ අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටියදී එක් වරම ඇතිවූ ගින්නකින් පිපිරුමකුත් සමග මෙම ගින්න හටගෙන තිබෙනවා.