කැළණියේ ගින්නක්..
Sri Lanka
Fire
By krishani
අද (05) උදෑසන කැළණිය ප්‍රදේශයේ හදිසියේම ගින්නක් ඇති වී ඇත.
ඒ කැළණිය - ගල්බොරැල්ල මංසන්ධියේ පිහිටා ඇති හේමාස් පෞද්ගලික රෝහලට අයත් ගබඩා ගොඩනැගිල්ලක ය.
අදාළ ස්ථානයට මේ වනවිට ගිනි නිවීමේ රථ හා ජල ප්‍රහාරක රථ කැළණිය නගර සභාවෙන් පිටත් කර යවා ඇත.
තවමත් ගින්නට හේතුව සොයාගෙන නොමැත.ඇතුළත සිදු වූ කාර්මික දෝෂයක් මෙලෙස ගින්න ඇති වන්නට ඇති බව පොලිසිය පවසයි.
ගින්නෙන් විශාල දේපල හානියක් සිදුව ඇති අතර ජීවිතවලට ඉන් හානියක් සිදුව නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |