නිවාස සංකීර්ණයක ගින්නක්..ළමුන් 8ක් ඇතුළු 12ක් මරුට.(PHOTOS) (විදෙස්)
Accident
World
American
a-fire-in-an-apartment-complex
By Aruna
අමෙරිකාවේ, ෆිලඩෙල්ෆියා නගරයේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයින් අතර ළමුන් අට දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.
තෙමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයින් 26 දෙනෙකු එහි සිට ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කෙසේවෙතත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් හට පැයකට ආසන්න කාලයක් ගත වී තිබේ.
විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ,ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



