මෙරට රෝහලක එකවරම ගින්නක් - මේ වෙනකොට එහි තත්ත්වය ගැන ලැබුණ ආරංචිය මෙන්න.
Hospitals in Sri Lanka
Fire
Latest Headlines
Decision Making
By krishani
අද (24) දහවල් 12ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ එම රෝහලේ තෙවන මහලේ ය.
එම රෝහල විසින් ඒ මොහොතේම ගින්නක් හටගෙන ඇති බවට කොළඹ මහනගර සභාවේ ගිනිනිවීම් ඒකකය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ගින්න මැඩලීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් පිටත්කර තිබෙනවා.
එමෙන්ම, මේ වන විට සම්පූර්ණයෙන්ම එම ගින්න පාලනය කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීම් ඒකකය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.