සිනමා කර්මාන්තය කම්පනයට පත් කරමින් තරුණියකට අතවර කල සුපිරි අධ්‍යක්ෂකවරයා - තරුණිය නීතියේ පිහිට පතයි..
කාන්තාවක් දූෂණය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකුට නඩු පවරා අත්අඩංගුවට ගැනීම දැඩි කතාබහට ලක්ව තිබෙනවා. සුප්‍රසිද්ධ මලයාලම් තරුවක් වන නිවින් පෝලි පාඩවෙට්ටු කියලා චිත්‍රපටියක් හදනවා.
නව අධ්‍යක්ෂක ලිජු ක්‍රිෂ්ණා විසින් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මේ වන විට චිත්‍රපටය රූගත කිරීම් සිදු කරමින් පවතිනවා. කොහොම වුණත්, ලිජු ක්‍රිෂ්ණා තමා දූෂණය කර ලිංගික හිරිහැර කළ බව පවසමින් කාන්තාවක් මේ වෙනකොට නඩුවක් ගොනු කරලා තියෙනවා.
පොලිසිය වහාම ඇයගේ පැමිණිල්ල ලබා ගත් අතර ක්‍රිෂ්ණා අත්අඩංගුවට ගත්තා. මෙය මලයාලම් සිනමා කර්මාන්තය කම්පනයට පත් කළ සිද්ධියක්.
මේ අතර tattoo artist කෙනෙක් වන සුජීත් පීඑස්ට එරෙහිව කේරළ ප්‍රාන්තයේ කාන්තාවන් හය දෙනෙකු විසින් ලිංගික අතවර චෝදනාවක් ගොනු කර ඇති බව වාර්තා වෙනවා.
මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවමත් දැනගන්නට ලැබී නැහැ. ‘පඩවෙට්ටු’ චිත්‍රපටිය ගැන කතා කළොත් නිවින් පෝලි, මංජු වොරියර් සහ අදිති බාලන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
ලිජු ක්‍රිෂ්ණා තමාගේම කතාවකින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනවා. කෙසේ වෙතත් අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් රූගත කිරීම් කල් දැමුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |