මියගිය දරුවාව රෝහලෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය තාත්තා..! මෙරටින් ඇසෙන සංවේදී පුවත..

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 28, 2023 03:02 PM GMT
Report

නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, මිය ගිය දරුවාව රෝහලෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය පියෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන බවයි.

එනම්පුද්ගලයෙකු විසින් නුවරඑළිය නගරයේ සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ තම දරුවාට සිහිය නැතිවූ බව පවසමින් දිස්ත්‍රික් මහ රෝහල වෙත අවුරුදු 14ක පිරිමි දරුවෙකු රැගෙන විත් තිබුණි.

වෛද්‍යවරු විසින් එම දරුවා මියගොස් ඇතැයි අදාළ පුද්ගලයාට පවසා ඇති අතර, එම අවස්ථාවේ දී වෛද්‍යවරු සමග උරණ වී අදාළ පුද්ගලයා දරුවාව රැගෙන ගොස් තිබුණි.

"මීට කලිනුත් දරුවට කලන්තයක් ඇවිත් දරුවා මැරුණා කියලා වෛද්‍යවරු මාව බය කරා, මම පෞද්ගලික රෝහලට දරුවා ගෙනිහින් බේරගන්නවා" යනුවෙන් පවසමින් එම පුද්ගලයා කේන්තියෙන් මෙන් දරුවා රෝහලට රැගෙන ආ බස් රථයේම දමාගෙන රැගෙන ගොස් ඇත.

එහිදී වෛද්‍යවරු විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය.

හදිසි තත්ත්වයකින් පැමිණිම හේතුවෙන් දරුවාගේ හෝ අදාළ පුද්ගලයාගේ කිසිදු තොරතුරක් ලබාගැනීමට රෝහලට හැකියාව ලැබී නොමැත.

දරුවා රැගෙන පැමිණි බස් රථය සම්බන්ධයෙන් CCTV කැමරා පරීක්ෂා කර ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව ද පොලීසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now