බීමතින් රිය පැදවූ තරුණියට අධිකරණයෙන් ලැබුණු තීන්දුව..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 21, 2022 03:37 PM GMT
Report

ශ්‍රී පාද වන්දනාවේ බීමත්ව පැමිණි තරුණිය අධිකරණ හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 25,000ක දඩයක් නියම කර තිබේ. එනම් ඇය බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ තිබුණි.

ඊට අමතරව ඇයගේ රියදුරු බලපත්‍රය මාස 03කට අත්හිටුවීමටද නියම කර ඇත. එම තරුණියව නල්ලතන්නිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර අද (21) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆාරුක් ඩින් මහතා වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙසේ දඩ නියම කරනු ලැබුවේ අම්බලන්තොට ගොඩකවැල්ල ප්‍රදේශයේ පදිංචි උෂානි මේකලා නම් 18 හැවිරිදි තරුණියකටය. අදාළ තරුණිය ඉකුත් 16 දින අධික ලෙස බිමත්ව තරුණයින් දෙදෙනෙකු සමග මෝටර් රථයක් ධාවනය කරමින් අම්බලන්තොට සිට ශ්‍රී පාද නල්ලතන්නිය වෙත පැමිණි අවස්ථාවේදී පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now