බිත්තර සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..මිල පහළ යයි?
ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව 2024 අප්‍රේල් 20 දක්වා බිත්තර ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙන බව වාර්තා වනවා.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) පස්වරුවේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මිලකට පාරිභෝගිකයාට ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා..
වෙළෙඳපොළේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම තීරණයට එළැඹුණ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
අමාත්‍යවරයා අවධාරණය කළේ, දේශීය බිත්තර නිෂ්පාදකයන් මෙලෙස අඛණ්ඩව අසීමිතව බිත්තර මිල ඉහළ දැමීම කළහොත් රජයෙන් ලැබෙන පිළිතුරේ කිසිදු වෙනසක් නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ආනයනය කර ඇති බිත්තර නත්තල් සමය සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ඉදිරියේ දී තවත් භාණ්ඩ කිහිපයක මිල පහළ යනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ, වෙළඳපළේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව විෂයභාර අමාත්‍යවරයාට ලබන සඳුදා භාරදීමට අපේක්ෂා කරන බවයි.
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ බිත්තර මිල අඛණ්ඩව ඉහළ ගියහොත් ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවයි.
මේ හේතුවෙන් ඉදිරියේදී බිත්තර සැපයුම වැඩි වීමෙන් මිල ගණන් පහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.